Sunday, July 29, 2012

වඳිමි සිරස නමා

මව් පිය වන්දනාව


      2012 දෙසැම්බර් 21 වන දින ලොක විනාශයක් වන බව නොයෙකුත් කථාබහා ලොව පුරා ඇත.මම කථා කරන්නේ එ ගැන නොවේයි. මෙලොව එළිය දුටු දවසේ සිට මෙ දක්වා ලොකයේ සෑම අංශයක්ම විවිධ විපර්යාශයන්  වලට ලක් වෙමින් පැවත එන ලදි. ඒ අතර සංස්කෘතිය ප්‍රධාන තැනක් ගනි. අපේ කම කියන්නෙ මේකට තමයි.ඕනම ජාතියකට තමන්ගේ අනාන්‍යතාවය දිඟ හරින්න පුළුවන් වන්නේ අපිට පරපුරෙන් ලැබිලා තියෙන දෙයින් නොවේද?
වියැකි ගිය අපේ  කමට නැවත ප්‍රවේශය දෙමාපියන් නැමදිමේන් අරාම්භ කළ යුතුය. ඕනෑම උත්සවයක පොල්තෙල් පහන දල්වා ජයමංගල ගාථ ගායනා කර ගැට බෙරය ගහලා හග් ගෙඩිය පිඹලා ආශිර්වාදය ගැනිමත් සිරිතකි.මෙයද අද විලාසිතාවක් බවට පත් වේලා.එහෙම හරි කමක් නැ මේ දේවල් මිලින කරන්නේ නැතිව ඉදිරියට රැගෙන යනවානම්.වර්ථමානයේ ජිවිතය ජය ගන්න අපේ තරුණ පිරිස නොයෙකුත් පැති විවර කරමින් තමන්ගේ ගමන යාමට වෙහෙසක් ගනි. එය එසෙ සිදු විය යුතුය. එහෙත් ඒ යන ගමනේදී අමතක කරන සහ මඟහැරෙන අවස්ථා බොහෝ ඇත. පැල්පතේ සිට සඳළුතලය දක්වාද ඉපදෙන සෑම කෙනෙකු ම සහ ගොවියාගේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම් දක්වා යාමට වෙර දරන්නා දක්වාද,මේ සෑම පුද්ගලයෙක් බිහි කරන දෙමාපියන් සහ පළමු වතාවට ‍ දෙපයින් සිට ගත් ලක් පොළවටත් ගරු කොට ඒ අශිර්වාදය නිරතුරුවම ගත යුතු නොවේද?ඔබ ඔබේ උත්සහයෙන් දියුණු වු කෙනෙකු විමට පුලුවනි.එහෙත් ඒ ජිවිතය ලඟා කර ගැනිමට මුල් පියවරට තාලය දමා දුන්නෙ දෙමාපියන් නොවේද?

අපි අතුරින් බොහෝමයක් දෙනාට මවට පියාට වඳින ගථාවන් තනිවම ගායනා කිරීමටද පුලුවන් කමක් නැත.ලැජ්ජාවට පත් විමට කරණා නැත.ඕනම දෙයක් නිතර නිතර පුරුදු පුහුණු නොකලහොත් අමතක විම ස්වභාවිකයි.තර්ක අවශ්‍යස නැත.එහි ප්‍රගුන බව රැදේනනේ අපි නිතර එහි නිරිත වුවහොත් පමණයි.ජාතීයට ,මා සේවය කරන ආයතනයට පිං සිදු වන්නට ජාතික ගීය මා සෑම දිනකම උදෑසන 0830 ට ගයනා කරමි.අම්මට තාත්තට වඳින ගථාව නින්දට යාමට පෙර මා කියමි.ඔබත් නිවසින් පිට වන්නෙ දෙමාපියන් වැඳිමෙන් පසුවද?අම්මා තාත්තා ලඟ නැති වුවද හැම මොහොතකම ඒ අශිර්වාදය දෙමාපියන් අපට ලබා දෙන්නෙමි.

ජිවිතය වැරදුන තැනදී අපි අපේ අම්මා අපි ලඟ නොසිටියෙ මන්ද කියලා යකඩ කුරු අතර සිර වු පසු පසුතැවිලා ඵලක් නොමැත.මව සිහි කළ යුත්තේ වැරදි සිතුවිල්ල සිතට ආ විගසම.එවිටයි ජිවිතය සාර්ථක වන්නේ.එහෙම නැතිව කරන්න දෙයක් නැති කමට සොරකම් කළේ කියනවාට වඩා සහ අම්මා දාල ගිය නිසා වරදට පෙළඹුනෙ කියලා තර්ක කරන්නෙ නැතිව ජිවිතය යහපත් ලෙස සකසා ගැනිමට වෙර දරන්න. තමන් කළ වැරදි වසන් කිරීමට මෙවැනි කතන්දර කිමෙන් පරාජිතයෙක් වන්නෙ තමුන්මය. මිනිසුන් සිර ගෙදර තනි වු පසු තේරුම් යනවා නම් තමන් කළ වැරදි,ඇයි ඒ වැරුද්ද කරන මොහොතේ එය නොතෙරෙන්නේ?නීතියට බියෙන් හැංඟි හැංඟි ඒ වැරුද්ද අපි කරන්නේ එක වැරුද්දක් බව  දැන දැනම නොවේද? අවසානයේ අපි අපව රවටාගෙන ඇත.හරි වැරුද්ද කෙසේ වෙතත් අපේ සුභසිද්ධිය වෙනුවෙන් නොයෙක් තර්ක මතු කරමින් ජිවිතය සනස ගන්න උත්සහා කළාට තර්කයෙන් ජිවිතයට සැනසිමක් නැත.තර්කය යනු හුදෙක් මිනිසා මුලා කරන වෙළඳ භාණ්ඩයකි

-GM-      
7 Comments
Tweets
Fb Comments

7 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අපේ පන්සලේත් හැමදාම සිදුකරන බෝධි පූජාවේදීත් මාපිය වන්දනාව අනිවාර්යයෙන් සිද්ධ වෙනවා අම්මා තාත්තා හිටියා නැතෑ...

    ReplyDelete
  2. මම එය අගය කරමි.

    ReplyDelete
  3. depayin nagitinnata veradunne ammage kiri binduvai, appachchige haiyai nisa,,, marenakn a matakaya a haiya hadavathe lokuma loku badamayak damma vage thanpath vela thiyanava....

    ReplyDelete
  4. අගය කල යුතු දෙයක් අවන්කවම....මේ ලෝකේ අපිට තියන වටිනාම දේ අපේ දෙමව්පියෝ..තමන්ගේ දෙමව්පියෝ ලග හිස නැමෙන්නේ නැත්නම් ඒ දරුකමෙන් වැඩක් නෑ...

    ReplyDelete
  5. අනිවාර්යෙන්ම දෙමව්පියන් නැමදීම කියන උතුම් චාරිත්‍රය අපි හුරු කල යුතුමයි...අම්ම තාත්තා අදුනන්නේ නැති සමාජයක් නැත්නම් හැදෙයි....

    ReplyDelete
  6. වැදල ගිහින් කුපාඩි වැඩකරන වුන් ඉන්නේ බං.

    ඒ නිසා ලෝකෙට පේන්න වැන්දෙ නැතත් ගරුත්වය තිබේ නම් ඇති..

    ReplyDelete
  7. ලොකයාට පෙන්න කරන දෙවල් වලින් තමන් රැවටෙන බව මම කියලා තියෙනවා නෙද?එක මොනව කරත් අවංක හැඟිමෙන් කළ යුතුයි.එවිටයි හරියන්නෙ

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...