Sunday, August 12, 2012

මිනිසා

සැබෑ අරුත

උදා වන හැම දවසක්ම ජිවිතයට යමක් අපට උගන්වනවා. ඒත් අපි ජිවිතය වරද්දවා ගන්නෙ ඒ හොඳ දේ ජිවිතයට යා කර ගනිමින් ජිවිතය සාර්ථක කර නොගනිමත් සහ නරක ජිවිතයෙන් බැහැර කීරිමට තරම් මනස සංවර නොවන නිසාවේනි. ඔබත් මමත් ඕනෑ තරම් ජිවිතය පිළිබඳ නොයෙකුත් කතන්දර දැක අසා ඇත. එත් ඒ කෙතරම් කථා කීවත් ‍මෙතරම් අපි දුර්ජන වන්නේ මනසින් ජිවිතය නොදකින නිසාවෙනි.
          
     අපේ හමුදුරුවෝ මොන තරම් බණ දේශණා කළත් අපි ඒ බණට අනුගත නොවන්නේ මනස චංචල බවින් පිරි මමත්වය තදින් අප සිත් තුල කිඳා බැස ඇති හෙයිනි. බුද්ධ දේශණා පුරාවටම තිබෙන්නේ පරාර්ථකාමය පිරුණු යහපතය. එම නිසා අප සිත් එම යතාර්ථය වෙත යන තෙක් සුදනෙකු බවට පරිවර්ථනය නොවනු ඇත.

ඔබත් මමත් කරන එකම වැරැද්ද තමයි මිනිසා වැරදි කරන විට ඉදිරියට නරක යන නාමය යටතේ විවිධ විශේෂණ  එක් කරමින් වාක්‍ය නිර්මාණය කිරීමයි. එහෙත් ඔහු මිනිසෙකු නම් ඔහු තුල තිබිය යුත්තේ මිනිසත්කම මිස තිරිසන්කම නෙමෙයි නේද? මිනිසා ස්වභාවධර්මයට අනුගතව ජිවත් නොවන්නේ නම් ඔහු හෝ ඇය මිනිසෙකු නොවනු ඇත.
-ජිඑම්-
4 Comments
Tweets
Fb Comments

4 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මිනිසා...
    එදිරි අයියා කියනවා වගේ ස්වභාවධර්මයේ වෙච්ච ලොකු වැරැද්දක් තමා මිනිසාගේ සම්භවය..

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත තමයි.ස්වභාව ධර්මයේ නීති රීති වලට පැටහැනිව මිනිසා පරිණාමය වීම නිසා අපේම ලෝකයට විතරක් නෙමෙයි මුළු විශ්වයට භීතිය ගෙන දෙන්නක් වෙලා.අස ස්වභාව ධර්මයට එරෙහිවයි මිනිසා සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ

    ReplyDelete
  3. නැවත ලොකය නිර්මාණය වෙද්දි සෑම මිනිසෙකුටම සමානාත්මතාවය හිමි විය යුතුය.තවද මිනිසාට උවමනා දේවල් කිරීමට ඉඩක් නොතැබිය යුතුය.පැවැත්මට අවශ්‍ය කාරණා අවශ්‍ය වේලාවට පමණක් සිදු විය යුතුය.වැරැද්දක් කරයි නම් ඒ මොහොතෙම ස්වභාවධර්මය විසින් දඬුවම් කල යුතුය.එවිට ලස්සන ලොකයක් නිර්මාණය වනු ඇත.
    මම මේ හැම වචනයක්ම ඉතාම සරලව ලියන්නේ සිංහල උනත් නොතෙරේන විධියට කීම ඵලක් ඇති යමක් නොවනු නිසාය.

    ReplyDelete
  4. ඔව් ඔබ හරි. අපි නිරන්තරයෙන් අනෙකාට ඇහුම්කන්දෙනවා තවත් සමහර වෙලාවට අහනවා නෙවෙයි ඇහනවා. ඒත් අපි වැදගත් දේවල් අනුගමනය කරන්නේ නැහැ පිළිපදික්නේ නැහැ. ඒකයි පිරිහෙන්න අවුල

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...