Monday, September 10, 2012

මිනිසත් බවක මහිමය



මිනිසත් බව උත්තරීතර වන විට මිනිසත්කම දුබල බවකින්ද යුක්තය
   
     මම නුගේගොඩ යාම සඳහා කොටුවෙන් 138 බස් රථයකට ගොඩවන ලදි. දිනය 2012 සැප්තැම්බර් මස 09 වන දිනය.එදින කපිල වස්තු වන්දනා කිරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් ගංගාරාමය පුද බිම වෙත යමින් සිටින ලදි.මා ගිය බස් රථය විහාර මහා දේවි උද්‍යායනය අභියස නවත් වන ලද අතර අවුරුදු 65ත් 70ත් අතර මව්වරුන් පිරිසක් බස් රථයට ගොඩ විම සඳහා කොන්දොස්තර මහහතාගෙන් අවිස්සාවේල්ලට යාමට හැකිද යන්න විමසන ලදි.මෙ බස් එකේ එහේ යන්න බැහැ පවසා ඔහු අහක බලා ගන්නා ලදී.ඒ අහිංසක අම්මලා වෙත සැනකින් එක් කාන්තාවක් මොනවදෝ බස් රථයේ වම් පස සිට පවසනවා මා දුටුමි.බස් රථයේ කොන්දොස්තර මහතා ඇතුළු බොහෝ පිරිසක් සිංහල බෞද්ධයන් බව මට සිතේ.
          එහෙත් එම කාන්තාව මුස්ලිම් කතකි.ඒ මව්වරුන්ට නිවරදි ලෙස යන පාර ඇය විසින් පවසන ලදි.ඒ දෙස බලා සිටි මට මහත් වේඳනාවක් මෙන්ම මහත් සතුටක්ද ඇති විය.
          දුක නම් බස් රථයේ වම් පස සිටි සිංහලයා දෙනෙත් පියා සිටිමය.සතුට නම් අපි නොදකින මිනිසත් බවක් එතන තිබු නිසාවෙනි.
          අනෙකුත් සංස්කෘති සමඟ ගත් කල අපේ සංස්කෘතිය විශාල මිනිසත්කම් වලින් පිරුණු සංසකෘතියකි.එහෙත් අවාසනාවට අද අපි මෙ මිනිසත් බවින් බොහෝ ඈත් වී ඇත.මිල මුදල් පෙරටු කරගත් සමාජයක් තුල මිනිසත්කම අමතක වි ගොස් ඇත.ඔබටත් මමටත් දවසක මේලොව අතහැර යාමට සිදුවන බව පසක් නොවන්නේ මන්ද?
          කුමන දේශයක වාසය කළත් අ‍පේ උරුමය අපි අමතක නොකළ යුතුය.තවද විදේශයන් තුල ජිවත් වන විටද අපි අපේ සංස්කෘතියේ ඇති මහත්මා ගුණ ඔවුන්ට පෙන්විය යුතුය.එම දේශයන් තුල ජිවිත් වෙමින් ඔවුන්ගෙන් අපට නොගැළපෙන යමක් අපි එකතු කර ගන්නවාට වඩා අපේ සාරධර්ම ටික ඔවුන් තුල වගා කීරීමට හැකි නම් එය උතුම් කරුණකි. 
-ජිඑම්-
5 Comments
Tweets
Fb Comments

5 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඇත්ත තමයි.හැබැයි සෑම බෞද්ධ මිනිහෙක්ම ඔහොම කරන්නෙත් නෑ.කොහොම උනත් මට ඔය ප්‍රයිවට් බස් කාරයෝ නම් පෙන්නන්න බෑ.

    ReplyDelete
  2. ඔව් සෑම සිංහලයෙක්ම එහෙම නොවෙයි.ඒත් ඒ බස් රථය තුල සිටි බොහෝ පිරිසක් හැඟිමක් නොමැතිවයි සිටියේ.

    ReplyDelete
  3. සමහර සිංහල මිනිස්සුන්ට වඩා දෙමල මුස්ලිම් මිනිස්සු මනුස්සකම කියන එක දන්නවා...
    ලැජ්ජයි සිංහලයෝ ගැන..

    ReplyDelete
  4. කුමන ආගමිකයෙක් වුවත් ආචාරශීලී වීම වැදගත් කියල හිතෙනවා. මිනිසෙකුගේ වටිනාකම පෙන්වන්න ආචාරශිලී භාවය වැදගත්

    ReplyDelete
  5. මිනිසුන් වන අපි මනුෂ්යෙක් වෙන්නෙ ඔහුගේ නිළයෙන් වත්,බලයෙන්වත්,වත්පොහොසත් කම් වලින්වත් නෙවෙයි.ඔහුගේ හෝ ඇයගේ හැඳියාවෙන් පමණයි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...