ජිවිතයට කුමන හෝ අයුරකින් යහපතක් සිදු
වේ නම්, අපි කළ යුත්තෙ ඒ හොඳ ජිවිතයට යා කර ගැනිමය.
සිදුහත් කුමරු ගිහිගෙය අතහැර සත්‍ය සොයා යන ගමන
දෙස වැළපුණු සිතින් යුතුව දරා ගැනිමට නොහැකිව තමන් දෙස බලන් සිටින චන්නට සිද්ධාර්ථ
කුමරු මෙසේ පවසයි.
“චන්න නොසැලි සිටින්න”. කථාව අරම්භයම සිත යම් කිසි ඉසව්වක නතර
කරයි. පහන් සිතුවිල්ලකින් කථාවට ප්‍රවේශ විම
මගේ සිත් ගන්නා ලදි. සිදුහත් චරිතය අපට කියවන්නට ලැබෙන්නෙ
කුඩා කාලයේදීය. ධර්මයේ සාරය අපි තුල තැන්පත් විමට පටන්
ගන්නේ මව් කුස තුල පිළිසිඳ ගත් දින සිටය.
සිද්ධාර්ථ කුමරුගේ ප්‍රාර්ථනාව ලොකවාසී
සැමට එක සේ සළකමි යන්නයි.මමද වර්ථමානයට එම ප්‍රාර්ථනාවට ප්‍රාර්ථනාවක්
එක් කරමි.
වර්තමානයට කදිමට ගැළපෙන හැඩයට නිර්මාණය
වී ඇති මෙම රචනය නරඹන විට සිත සංවේදීතාවයට පත් වෙයි .සිද්ධාර්ථ චරිතය ඉතා තැන්පත් චරිතයකි.මෙම සිනමා පටය නරඹන විට අපට එය දැනෙයි.
“අසිපත් දහසිකින්වත් මට වැඩක් නැත, සත්‍ය මගේ රැකවරණය යි” සිද්ධාර්ථ මෙසේ පවසන්නේ ගිහිගෙය අතහැර
වනගත විමට යාම ඉතාම භයානක මෙන්ම සොරසතුරන් සහ සතුන්ගෙන් කරදරයක් වන්නට හැකි බව චන්නගේ
ප්‍රකාශයෙන් පසුවයි. අද වන විට මටත් ඔබටත් වැඩි වශයෙන් දැක
ගැනිමට සහ අසන්නට ලැබෙන්නේ ජිවිත නැති කිරීමට යාමය. මිනිස්සු ජිවිත නැති කරන්නේ හරියට එළවළු කපනවා සේය. මම එසේ පැවසිම වරදක් නොවනු ඇත. ඒ තරමටම අප සිත් දුෂණය වි හමාරය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවැනි සිතුවිලි
තුලින් මිනිස් සිතක් වෙනස් කිරීමට නොහැකි බව. එහෙත් එක්තරා දිනයක සියළුම අපරාධකරුවන්ට තමන් කළ පව් මතක් කිරීමේදී මෙවැනි
සිතුවිල්ලක් තම සිතක රැදි තිබුණොත් එදාටවත් එවැනි දුෂිත සිත් යහපතට පත්විමට මම ප්‍රර්ථනා! ගෙන එමි.
සිද්ධාර්ථ කථාවස්තුව එසේ ස්පර්ශ වෙමින්
යන අතර තුරදී කුමරු තම අභිමතය සපල කරගැනිම සඳහා ගමන් අරඹා ඇත. එක්තරා රාජධානීයක් පසු කරමින් ගමන්
කරමින් යන විටදී, එක් ස්ථානයකදී විශාල සත්ව ඝාතනයක් සිදුකිරීමට
සියල්ල සුදානම් වෙමින් පවතින ලදි. සිද්ධාර්ථ කුමරුට මෙම සිදුවිම දැක අදහාගත
නොහැකිව එම ප්‍රධානීයා ඉදිරි පිටට ගොස් මෙසේ අසන ලදී. කුමක්ද? මෙහි සිදු වන්නේ එවිට එම ප්‍රධානියා විසින් මෙසේ පවසා සිටියේ ය. “මට මහත් අපල ඇති බවත් එම අපල දුරු විමට
මෙම සතුන්ව බිල්ලට දෙන බවත්ය”. එවිට සිද්ධාර්ථ කුමරු ඔහුට මෙසේ පවසා
සිටින ලදි. “ ඔබ අරාක්ෂා වනුයේ ඔබේ ක්‍රියාවෙන් මිස
අසරණ ප්‍රාණයක් නසා නොවන බවත්ය”. වර්ථමානයේ නොයෙකුත් විපත් සිදු කරමින්
මංමුලා වි ඇති සියළුම අකාරුණික සිත් මෙම සංවේදී වචන වල බලයෙන් කරුණීකව යහපත් වේවායි මම ප්‍රාර්ථනා ගෙන
එමි.
තම ගුරුවරයා විසින් උගන්වන ලද සියළුම
ශිල්ප වලට සිද්ධාර්ථ ප්‍රිය නොකල අතර, එක්තරා දඩයම් ශිල්පයක් පිළිබඳව ගුරුතුමා විසින් පවසා සිටි අවස්ථාවේ
ඉතාම තැන්පත්ව “දඩයම මම ප්‍රිය නොකරමි සෑම ජිවියෙක්ම
මට පුජනීයයි” ගුරුතුමණි යනුවෙන් පවසා සිටින ලදී. අද විලාසිතාවක් වි ඇති ජනප්‍රියත්වය
වෙනුවෙන් මිනිසා විවිධ වු පහත් ක්‍රියාවන්ට පෙළඹි ඇත. එවැනි මානෂික තත්වයක සිටින සියළුම සිත් සිද්ධාර්ථ කුමරුගේ වචනයේ
බලයෙන් සුවපත් වි තැන්පත් භාවයට පත් වේවායි මම ප්‍රාර්ථනා ගෙන එමි.
රාගය තම එකම සතුට කරගත් මනුෂ්‍ය ප්‍රාණයන්ට
මෙම කථා වස්තුව තුලින් ආදරය යනු උත්තරීතර පැතුමක් බව මෙනෙහි කරවයි. තම සහකාරිය කුමන ගතිපැතුම් වලින්
යුක්ත වි සිටිය යුතු දැයි සිද්ධාර්ථ කුමරු පවසයි. “විටෙක තම මව සහෝදරිය ලෙසත් රූප සෝබාව නිසා
මාන්නයක් ඇති කර නොගත යුතු බවත්, මෙසේ පවසන්නේ තම ඥාති සොහොයුරත් සමඟ
සිදුවන කථාබහ අතරතුරය. මෙය සිද්ධාර්ථ කුමරුගේ මුවින් පිටවන උතුම්
වචන වෙයි. අද සමාජයේ තම සහකාරිය හෝ සහකරුවා සිටියදී වෙනත්
ස්ත්‍රියක් පුරුෂයෙකුගේ පහස ලබා ගැනිමට සිත් ඇති වුවහොත් සියළුම මනුෂ්‍ය ප්‍රාණයන්ගේ
සිත් නිවි පහන් වේවා යයි මම ප්‍රාර්ථනා ගෙන එමි.
අවසානයේ තම පිය රජතුමාගේ වැරදි තීරණ
අභියස “සතුරන් මිතුරන් කර ගැනිම තුල තම රාජ්‍යය
අරාක්ෂා වන බවත් ඒ සඳහා ලේ සෙලවිය යුතු නැති බවත්” පවසා සිටින ලදි. බල තණ්හාවට පත් සියළුම මනුෂ්‍ය ප්‍රාණයන්ගේ
සිත් පරාර්ථකාමි වි නිවි සැනසේවා යැයි මම ප්‍රාර්ථනා ගෙන එමි.
වර්ථමානයට කදිමට ගැළපෙන සිද්ධාර්ථ
චරිතය තම ජිවිතයට අදර්ශයක් කර ගැනිමට හැකිනම් මේ සසර දනව්වෙ කෙළවර නිර්වානය වෙත
අපට ළඟා විමට හැකි වනු ඇත.
Read More