Wednesday, March 27, 2013

෴ තණ්ණීර් බෝතල්෴



             මම මැදවච්චියේ සේවය කරමින් සිටියදී හදිසි අවශ්‍යතාවයකට ත්‍රිකුණාමලයට යාමට සිදු විය. එදා අපේ වාහනද ත්‍රිකුණාමලයට ගමන් නොකිරිම හේතුවෙන් පුද්ගලික බස්  සේවාව ලබා ගැනිමට සිදු විය. ඒ ගමන යාම සඳහා කෙටිම මාර්ගය වව්නියාවට ගොස් යාමය. එම නිසා මම වව්නියාව බස් නැවතුම්පොළට ගොස් වව්නියා - ත්‍රිකුණාමලය බස් රථයකට ගොඩ වන ලදි. මම බස් රථයට ගොඩ වන අවස්ථාවේ දී එහි සිටි සියළුම දෙනා දමිළ ජාතිකයින්ය. ස්වල්ප වේලාවකට පසු බස් රථයට සිංහල තරුණයින් දෙදෙනෙකු ගොඩ විය. මා සිටි අසුනට ඉදිරියෙන් තිබු අසුනෙහි ඔවුන් ඳි ගත්තෝය. බස් රථය ගමන් ඇරඹිම සඳහා තවත් විනාඩි 15 ක් පමණ තිබිණි.  ඔය අතර  තුර විවිධ කඩචෝරු විකුණන වෙළෙන්දන් දෙදෙනෙකු බස් රථයට ගොඩ වන ලදි. එක් වෙළෙන්දෙකු වතුර බෝතල් විකණිමේ යෙදුන අතර අනෙකා තම්බපු රටකජු විකුණන ලදි. දැන් ඉතිං දන්නවා නේ වෙළදුන්ගේ ශබ්දය අමුතුවෙන් කියන්න ඕන නැනේ. ශබ්ද නඟා තමන්ගේ භාණ්ඩ විකුණා ගැනිමට උත්සුක විය.  

වතුර බෝතාල්, තණ්ණීර් පොත්තල් කිය කිය දැන් ඕන්න බස් රථයේ සිටින මිනිසුන් ළඟට යනවා මේ වෙළෙන්දා.

ඉතිං අර සිංහල තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු මෙසේ හඬ අවදි කරන ලදි.

අංකල් දෙන්න අපට  තණ්ණී බෝතලයක්.

ආ... මත්තයා .

ඕවා නෙමෙයි අංකල් තණ්ණීර් බෝතලයක් දෙන්න අපට.

එතින් මත්තයා මේ තණ්ණිර් පොත්තල් තමයි.

මොනවද අංකල් බොරු කියන්නේ. පිස්සුද එහෙනම් තණ්නී බෝතල් කියන්නේ

අපි මේ වතුර හැමදාම බොනවා.අපි මිට කලින් නොබිපු එකක් නිසායි තණ්ණි බෝතලයක් ඉල්ලුවේ

මට නෙමෙයි මත්තයාටයි පයිත්තියන්.

   ඒ අංකල් එහෙම කියාගෙන බස් රථයෙන් බැස යන ලදී. බස් රථයේ සිටි හැමෝටම හිනා. ඒත් මම හිනා උනේ නැ.මොකද මම දැන ගත්තා මේ දෙන්නා දන්නේ නැතිව තමයි මෙහෙම කථා කරන්නේ කියලා.වෙළෙන්දාත් හොද නිසා හොඳයි. තව මොනවා හරි ඒ කොල්ලා කිව්ව නම් ගුටි තමයි කන්න වෙන්නේ.
බස් රථයට පිටත් වෙන්න වේලාවත් පැමිණියා.ටික දුරක් ගිය පසු මම ඒ මලයලා දෙන්න සමඟ කථාවේ යෙදෙන්නට විය.

මල්ලීලාගේ ගම
අපි හම්බන්තොට 
මල්ලී කොහේද යන්නේ?
අපි අක්කා කොනේශ්වරම් යනවා

මේ පැත්තෙන් ? මම ඇසුවා
ඔව් අක්කා අපි මේ ශ්‍රි මහා බෝධිය වැඳලා එන ගමන්



ඊට පසුව මම සිනාසෙමින් මල්ලීට වැරදුනා නේ
ඔව් අක්කා මාර චා.......එක. දන්නේ නැනේ ඉතිං මේ මිනිහා වචන දෙකම කියන්නේ මේකට කියලා ඔය විදියට සුහද කථා බහ අවසන් කරන්න වේලාව පැමිණියා. ඒ ඉතිං ගමනාන්තයට පැමිණිම නිසයි.

පැය තුනයි විනාඩි 45 ක් විතර ගියා අපට ත්‍රිකුණාමලයට එන්න. බස් එක ටිකක් හෙමින් ආවේ. නැත්නම් ඊට කලින් එන්න තිබුණා.ඉක්මනට අපි බසයෙන් බැස්සෝය.

මල්ලී එහෙනම් කවනම් කියාගෙන මම යන්න සැරසුණාය.
ඒ මල්ලී ඊට පස්සේ අහානවා ඒ මොකද්ද අක්කේ ඒ වචනය

මම හිනාවෙලා කිව්වා පරිස්සමින් කියලා.
තෙරුවන් සරණයි මල්ලී
තෙරුවන් සරණයි අක්කා කියලා ඔවුන් දෙදෙනාත් යන්න ගියා

මම ත්‍රිවිල් එකකට ගොඩ විය කඳවුරට ඒම සඳහා.
31 Comments
Tweets
Fb Comments

31 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මේක දැක්ක ගමන් මගේ හිතට ආවේ ජනප්‍රිය ප්‍රස්ථා පිරුළක්. "නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්න එපා" කියන එක. අපිට නොදන්නා භාෂාවක් ඉගෙන ගන්න නම් පුළුවන් තරම් ඒ භාෂාව භාවිතයට ගන්න එක තමයි කරන්න ඕනේ. නමුත් වටපිට ඉන්න අය තමන් නොදන්නා බව දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම ඔබට අනුකම්පා කල යුතුයි.

    ReplyDelete
  2. බ්ලොග් එක නම් ස්ලෝ වෙලා.. :(

    ReplyDelete
  3. වතුර බෝතල් කියල කිව්වට පස්සෙ, තණ්ණීර් බෝතල් කියල ආයෙත් කිව්වම මේ කියන්නෙ කලින් කියපු එකමයි කියල ඒ වචනෙ තේරුම නොදන්න කෙනෙක්ට හිතෙන්නෙ නෑනෙ. ඒ දෙන්න අලුත් බීම ජාතියක් කියල හිතන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වෙළෙන්දා අපි සිංහල අනිත් අය දෙමළ නිසා එහෙම කියන්න ඇති.මල්ලීලා දෙන්නත් ඒ වචනය දන්නේ නැති නිසා එහෙම ඇහුව්වා.

      Delete
  4. නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න නම් අපි ඔක්කොම ජාතික භාශා ඉගෙන ගන්න ඕනෙ, දැන් ඉස්කෝල්වල දමිල බසාව උගන්නනවා. මට නම් ඊරිසියයි..

    ReplyDelete
    Replies
    1. "නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න නම් අපි ඔක්කොම ජාතික භාශා ඉගෙන ගන්න ඕනෙ"
      කමක් නැද්ද? අපිට නං දෙමළ අනිවාර්යයි. අම්මේ..... මතක් වෙනකොටත්....

      Delete
  5. එක පෘතුගීසි නායකයෙක්ගෙන් කෙනෙක් අහනවා " කොහොමද සින්හලයව නම්ම ගන්නේ කීයෙක විතර අල්ලසක් දීලද කියල ?
    එතකොට ඔහු කියනවා " මිනිහගේ මවු භාෂාවෙන් කතා කරලා , මිනිහ එක්ක පිලේ ඉදගෙන බුලත් විටක් හපල කියලා "
    මේක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා මේක දැක්කම මට එක මතක් උන

    ReplyDelete
  6. මට හිතුනෙ ජෝක් එකට කිව්ව කියල.

    ReplyDelete
    Replies
    1. නැ නැ ජොක් නෙමෙයි.ඇත්තටම ඒ මල්ලී දැනන් හිටියේ නැ ඒ වගක්.

      Delete
  7. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නැහැ ගන්නවා කියන්නේ ඔය වගේ ඒවාට තමයි! හික්ස්!

    ReplyDelete
  8. වව්නියාවෙ තම්බපු රට කජු, මතක් වෙනකොට යන්න හිතෙනව.

    ඒ පැත්තට ගියොත් ඉතින් බෝතල් වතුර පිහිටම තමයි.

    ReplyDelete
  9. හොඳ වෙලාවට යන්තම් දෙමළ වචන දෙකතුනක් මං නං දන්නවා... හි හි...

    අර සරත් අයියා කියලා තියෙනවා වගේ මටත් මාර ඊරිසියයි... අපිට 5 වසරෙන් දෙමල ඉගැන්නිල්ල නැවැත්තුවනේ... මට ඒ පේපර් එකට ලකණු 95ද කොහෙද තිබ්බා... දන් ඉගෙන ගන්න ට්‍රයි කළත් මේ ඉංගිරීසිය හින්දා වැඩේ කෙළ වෙනවා.. සිංහල බැරි නම් ඉංග්‍රීසි වලින් ගොඩදාගන්න පුළුවන් නිසා දෙමල කවදාවත් ඉගෙනගන්න වෙන්නේ නෑ අපිට....

    ReplyDelete
  10. මම නම් කවදාවත් ඔය පැතිවලට ගිහින් නැහැ.

    ReplyDelete
  11. භාෂා නොදන්න කම නම් ප්‍රශ්නයක්..
    ඒත් සමහරු ඉන්නවා ඇයි අපි සිංහල ඉගෙන ගන්නේ
    කියන තැනත්..අපි වගේ නෙවේ ඒ අය මාන්නේ වැඩි..

    ReplyDelete
  12. මම කියන්නේ සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  13. දෙමල ඉගෙන ගන්න එක නම් වටිනවා පුදුම විදිහට..

    ReplyDelete
  14. දිල්ලියෙදි පන්නීර් කියන්නේ චීස් වලට.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක්. පන්නීර් යනු චීස් වලින් සාදන ආහාරයකි. හරියටම කියනවා නම් කොටේජ් චීස්

      Delete
  15. දෙමල ටිකක් හරි දැන සිටීම කොතරම් වැදගත්ද..?

    ReplyDelete
  16. මමත් අලිඋත් කෑම හොයන්න ගිහිං මෙහෙම වෙලා තියෙනවා ඒත් රණ්ඩු වෙන්න ගියේ නැහැ දෙන දේ අරගෙන හිතේ අමාරුවෙන් කෑවා.

    ReplyDelete
  17. හොඳ භාශා දැනීමක් තියෙන එකනම් ගොඩක් වටිනවා. අඩු ගානේ යන්තම් අදහස් හුවමාරුවටවත් වචන ටිකක් දැනගෙන ඉන්න ඕනෑ.

    ReplyDelete
  18. ඕනම භාෂාවක් මුලින්ම ඇහෙද්දි හරි කතා කරද්දි හරි හුඟක් වැරදි වෙනවා.. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්නේ..

    ReplyDelete
  19. දෙමලෙට කලින් සිංහල ගැන කියනවා නම්:

    1. මම මැදවච්චියේ සේවය කරමින් සිටියදී හදිසි අවශ්‍යතාවයකට ත්‍රිකුණාමලයට යාමට සිදු විය.
    2. එම නිසා මම වව්නියාව බස් නැවතුම්පොළට ගොස් වව්නියා - ත්‍රිකුණාමලය බස් රථයකට ගොඩ වන ලදි.
    3. මම බස් රථයට ගොඩ වන අවස්ථාවේ දී එහි සිටි සියළුම දෙනා දමිළ ජාතිකයින්ය.
    4. අංකල් එහෙම කියාගෙන බස් රථයෙන් බැස යන ලදී.
    5. මම ඒ මලයලා දෙන්න සමඟ කථාවේ යෙදෙන්නට විය.
    6. ඉක්මනට අපි බසයෙන් බැස්සෝය.
    7. මල්ලී එහෙනම් ‘කවනම්’ කියාගෙන මම යන්න සැරසුණාය.
    8. මම ත්‍රිවිල් එකකට ගොඩ විය.

    වගේ වාක්‍ය ලියන්න එපා.

    ව්‍යාකරණ වැරදි එකම නොවෙයි කියවන කොට පොඩ්ඩක් අවුල් වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට වැරදි ෙපන්වා දිම පිළිබදව.වැරදි හදා ගැනිමට උත්සහා කරන්නම්.හැබැයි එකක් කියන්න ඕන වෙච්ච අත්දැකිමක් ලිව්වා මිස දෙමළ හදාරන එක හොඳයිවත්,එහි වැරද්ද ක් කියන්න උත්සහා කළ එකක් නෙමෙයි.

      Delete
  20. ඒ වෙළෙන්ද දෙමළ හින්ද හොඳයි. දෙමළ මනුස්සයෙක් කොළඹ පැත්තෙ ඇවිල්ල ඔය වගේ කේස් එකක් උනානං එහෙම ගුටිකන්නත් වෙනව ජෝක් කරනව කියල.

    ReplyDelete
  21. දෙමල භාෂාව මට ඉංග්‍රීසිවලටත් වඩා ඇඟට දැනෙන දෙයක්.ඒ භාශාව ඉගෙන ගන්න එක හොදයි.නමුත් දැන් නම් මට පේන්නෙ දෙමළ අපට බලහත්කාරෙන් පටවනවා වගෙයි.

    ReplyDelete
  22. ඇත්තටම දෙමළ බස ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. දැන්නම් රාජ්‍ය සේවයේ අයට දෙමළ ඉගෙන ගන්න එක අනිවාර්යයි නේද?

    ReplyDelete
  23. නොදන්න දෙයක් කියල දිමත් ඒක වැදගත් විදියට අසා කටයුතු කිරීමත් හොදයි. සමහරු අනෙකාගේ බස අවඥාවට ලක්කරන අයුරින් කටයුතු කරනවා. ගයානි ඔබ කලේ ඉතාම හොඳ වැඩක්.

    ReplyDelete
  24. araඅයියෝ අර අපේ උදයට උනා වගේ නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගත්තා වගේ කේස් එකක් නේ. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. මල්ලීගේ පොස්ට් එක නිසායි මටත් මේක දාන්න හිතුනේ

      Delete
Related Posts Plugin for WordPress, Blogger...