Thursday, August 29, 2013

දකුණු ලක සිරි



            පහත රට හැඩ කරන තවත් එක් සුන්දර පිහිටිමක් ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හැඳින්විය හැකිය. ගාල්ල ප්‍රදේශයට වැඩි නෑකමක් ඇති මෙම වන අඩවිය ගාල්ල නගරයට වයඔ දෙසින් පිහිටා ඇත. මාතරින් වුවද පිවිසිමට හැකි මාර්ගයක්ද ඇත. සිංහරාජය හැරුණු විට ඉතිරිව ඇති වන රක්ෂිතය මෙය වේ. ශ්‍රිලංකාවට පමණක් ආවේණික බොහෝ සතුන් ශාක මෙම ප්‍රදේශය තුලදී අපට දැක බලා ගැනිමට පුළුවනි. රක්ෂිතයට ඇතුළු වු මොහොතේ සිටම ඉන් පිට වන තෙක් ගතට දැනෙන සිසිලස පුදුමාකාර සුවයක් ගෙන දෙයි.




            එහි සුන්දරත්ව දැක බලා ගැනිමට යාම  සඳහා මඟ පෙන්වන්නෙකු ගේ සහය ලබා ගත යුතුය. මංපෙත තුළ මුලින්ම හමු වන්නේ ස්වාභාවික ජල තටාකයයි. මෙහි පැමිණෙන සංචාරකයින්ට ස්නායන කිරීමට අවශ්‍ය පහසුකම්ද සපයා ඇත. එහි යන සියල්ලෝම මෙම සුන්දර නානතොටුපලනින් වතුර බිඳක් හෝ ඇඟලා ගත යුතුය.
වෙනිවැල්


මෙම ගසේ කිරි ඉතාමත් විෂය බඳුල්ල කිරි ඇසිඩ් සදා ගැනිම සඳහා භාවිතා කරයි








වල් ඌරෝ කැකුණ තලන විට හබන් කැකුලට රජ මඟුල් ලු


බාඳුරා
            වැදගත් කරුණක් කිව යුතුය. එනම් පසේ ඇති තෙත් ස්වාභාවය නිසා කුඩැල්ලන්ගෙන් නම් බහුලය. ඒ නිසා කකුල් වල ඇඟිලි කරු තුල සිද්ධාලේප වැනි යමක් තවරාගෙන යාමට මතක තබා ගත යුතුය. අපේ අක්කලා නංගිලා නම් මෙම ජිවියාට බිය වෙයි. ඒ නිසා ආරක්ෂිතව යාම වඩාත් සුදුසුය. එහෙත් මෙම නාන තොටුපල ට යන මාර්ගයේ නම් කුඩැල්ලන් නැත. එය මහත් අස්වැසිල්ලකි. 
            
            නාන තොටුපල පසු කර ප්‍රධාන මංපෙතෙහි ඉදිරියට යන විට එහි දෙපස ඇති තෙත් කලාපීය ද්විතියික වනාන්තර පද්ධතියක අසිරිය විඳිමින් යාමට හැකිය.මිටර් 600 ක් පමණ ගිය විට ගල්ලෑලි දොළ හමු වේ.මෙම ස්ථානයේදී ප්‍රාථමික යුගයේ ශාක බොහෝමයක් දැකිය හැකිය.
පළමු ගිමන්හල   
         
            මෙම ස්ථානයේදී වෙනිවැල් බහුලව දැකිය හැකිය.රාත්‍රි කාලයේ සංචාරය කරන්නේ නම් උණුහපුලුවන් සහ ඇතැම් උභයජිවි විශේෂ දැක ගත හැකි වනු ඇත.
උමං මාර්ගය
උමං මාර්ගයට ඇතුළු වන ස්ථානය

            ස්වාභාවික ගල් ගුහාවක් තුළින් ගමන් කිරීමට ලැබිම ඔබට නැවුම් අත්දැකිමක් වනු ඇත.මෙහිදී වවුලන් විශේෂ හා උභයජිවින් විශේෂ රාශියක් දැකගත හැකිය. මෙම ලෙන තුළ පවතින අන්ධකාරය හා සිසිලස ඔබට අත්විඳිය හැකිය.
දෙවන ගිමන්හල


            මෙය මහල් දෙකකින් අලංකාර ලෙස දේශිය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවන ලද්දකි. මෙහිදි අපගේ විඩාව සංසිදුවා ගැනිමට හැකි වන අතරම, විවිධ පක්ෂි විශේෂ දැක බලා ගැනිමට ද හැකිවනු ඇත.
ලෑලි පාලම

            ප්‍රධාන මංපෙතෙන් හැරි අනගිමල්ල ඇල්ල දෙසට ගමන් කරන විට හමුවන දියපහර තරණය කිරීමට දැව යොදාගෙන ඉදිකරන ලද්දකි.
අනගිමල ඇල්ල

අනගිමල ඇල්ල

            ලෑලි පාලම පසුකර ඉදිරියට ගමන් කරන විට අතීතයේ දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග දැක බලා ගත හැකි අතර, එවකට තිබු වෘක්ෂයන් කපා ඉවත් කළ නොහැකිව නැවත පරිසරයට ම එක්වී ඇති අයුරු ද ඔබට දැක බලා ගත හැකිය. ඉතාමත් දැකුම්කළු ලෙස ගල්කුළු අතරින් ගලා බසිනා අනගිමල ඇල්ල දැක බලා ගත හැකිය. මෙම ඇල්ල නැරඹිමට අලංකාර වේදිකාවක් නිමවා ඇති අතර, එහි සිටම ඇල්ලේ අසිරිය විදීමට පහසුකම් සලසා ඇත. තවද ඉතාමත් පරිස්සමින් ඇල්ල ආසන්නයට ගොස්ද එහි සිසිලස විඳ ගැනිමට හැකියාව ඇතිමුත් බොහෝම කල්පනාවෙන් ගල් අතර මාරුවිය යුතුය. ලිස්සා ගොස් ජල පහරට අසුවි ගසාගෙන යාමට හැකි බැවින් සංචාරයම ඛේදවාචකයක් කරනොගෙන සුන්දරත්වය අත්විඳින්නේ නම් මැනවි.
            යෝධ පුස්වැල්ල,මැස්ස මුඳුන,වැටකොළුහේන් දොළ,තවත් ගිමන් හලක් වන නවඳපියස, ගිමන් හල යන ස්ථානයන් පසු කොට නවඳපියස ගිමන්හලට මිටර් 150 ක් පමණ ප්‍රධාන මංපෙතෙන් බැහැරව නන්නිකිත ඇල පසු කර ඉදිරියට ගිය විට වගුරු සහිත භුමියක මෙම විශාල නවඳ ශාකය හමු වේ.මෙය වසර 250 ක් පමණ පැරණිය. ඉරුරාජ,එනසාල් වැනි ශාකද මෙහි ඇත.පැරණි ගොඩනැඟිලි සංකිර්ණය, මිල්ලගහ දොළ,නන්නිකිත පියස ගිමන්හල,තිරුවාන කන්ද,නාරංගස් ඇල්ල ගිමන්හල ද පසු කර යන විට සංචාරයේ අවසාන මංපෙත වන නාරංගස් ඇල්ල හමු වේ. එය අඩි 200ක් පමණ උසකින් යුතු වන අතර වැසි සහිත කාල වලදී තවත් දැකුම්කලුය. 


  • මෙම වන රක්ෂිතය පිළිබඳව අපව දැනුවත් අඩවි වන නිළධාරින් සියළුම දෙනාට ස්තුති කරන්නෙමු.
29 Comments
Tweets
Fb Comments

29 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔබට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ සුන්දර චාරිකාවේ විස්තර මෙලෙස ගෙන එම පිළිබඳව. ඇත්තටම අපේ රටේ ස්වභාව සෞන්දර්යය බලන්න යන්න කෝටි තරම් ප්‍රදේශ තියනවද කියලා හිතෙන්නේ මේ වලාවටයි.

    හැබැයි අපි තවමත් හුරුවෙලා නැහැ පරිසර චාරිකාවකදී සුදුසු ඇඳුමක් සහ සුදුසු පාවහන් අඳින්න. ඒ නිසා තමයි කූඩැල්ලන්ට අහුවෙන්නේ. 100% ක් බේරෙන්න අමාරුයි. නමුත් 95% ක් උන්ගෙන් බේරෙන්න පුළුවන්. සබන් වතුර/සිද්ධාලේප උණු ජලයට දමා දියකරගත් වතුර/ වැනි දෙයක පොඟවාගත් ක්‍රේප් බැන්ඩේජ් එකක් හෝ එවැනි රෙදි පටියක් සපත්තුවේ සිට දණහිස දක්වා වෙලාගෙන යන්න පුලුවන්නම් කූඩැල්ලන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි විචාරක ලබා දුන් ප්‍රතිචාරයට සහ අගනා උපදෙසට.

      Delete
  2. ලස්සන සංචාර විස්තරයක් ගයනි.. ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට. පරිසරයෙ වටිනාකම තේරෙන අය බොහොම අඩුයි. ඔබ ඒ වටිනකම දන්න කෙනෙක් බ්ව පේනවා. සතුටුයි ඒ ගැන. අපිට මෙවැනි වන ගහනයන් අහිමි වෙමින් යන කාලයක් මේක. හැම වසරකම වගෙ මේ වසරෙත් ඈත කඳු ගිනි ගෙන දැවෙන හැටි පහු ගිය දවස් වල අපි වේදනාවෙන් බලා හිටියා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ස්වාභාව ධර්මයට මම ගොඩාක් ඇළුම් කරමි

      Delete
  3. කන්නෙලිය අපිත් යන්න ඉන්නෙ :)

    ReplyDelete
    Replies
    1. හ්ම් සුන්දර අත්දැකිමක් වෙයි.

      Delete
  4. ගයනි, ගමන් මාර්ගය ගැන පැහැදිලි විස්තරයක් දෙන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. කන්නෙලිය සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුරකථන අංක වලට කථා කර වැඩි විස්තර ලබා ගත හැකිය.0915630579 0912234306.ගාල්ලට ඇවිත් අකුරැස්ස පාරේ තමයි එන්න තියෙන්නේ.

      Delete
  5. ලස්සණ යි අනේ. යන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතෙනවා නෙමෙයි යන්න.

      Delete
  6. ගයනි යන විදිය අරව මේවා සම්පුර්ණ චාරිකා සටහනකට අවශ්‍යමයි. කොයි වෙලාවටද වහන්නේ... වගේ දේවල්.

    ReplyDelete
    Replies
    1. දේශකයාට ඕන වේලාවක යා හැකිය.රාත්‍රි කාලයේද සංචාරය කිරීමට අවස්ථාව සලසා දී ඇත.නවාතැන් පහසුකම් පවා ඇත.වැඩි විස්තර සඳහා 0915630579 0912234306.අංක වලට කථා කර දැන ගන්න පුළුවන්.ගාල්ලට ඇවිත් අකුරැස්ස පාරේ තමයි එන්න තියෙන්නේ.

      Delete
  7. කන්නෙලිය...බොහොම ලස්සන තැනක් බව කලිනුත් අහලා තිබුණා.

    මහන්සි වෙලා හදපු වටිනා පෝස්ට් එකක්. නියමයි.

    ReplyDelete
    Replies
    1. එහි සුන්දරත්වය විදිමට යා යුතුමයි.

      Delete
    2. අනිවාර්යයෙන්ම...

      Delete
  8. විස්තර නම් මදි හොඳටෝම..!

    උදා:- උමං මාරගය ගැන..පටන් ගැනීම ,අවසන් වීම.මොනවගේ උමං මාර්ගයක්ද..?

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ බුවාලා අහන පුරස්න ද මේ.. ගිහිල්ල බලල අපිටත් එක්ක විස්තර හොයන් එන්නැතිව..

      Delete
  9. පරිසරය අපට මේ වගේ සුන්දර ස්ථාන ස්වභාවයෙන්ම දීල තියෙනවා. එහි සුන්දරත්වය විදින්න යන හැමෝම එම ස්වභාවික පරිසරයට හානියක් නොවෙන්න වගබලා ගත්තොත් ඔය විදියටම අනාගත පරපුරටත් එහි සුන්දරත්වය විද ගන්න ලැබේවි. මම සිංහරාජයේ නම් ගිහින් තියෙවා ඒත් කන්එළියේ ගිහින් නැහැ. ඒ උනාට ඉතින් දැන් ගියා වගෙ තමා. විස්තර ගෙනාවාට ඔයාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  10. මේ තුලට ගමන් නොකලත්, රාජකාරි ගමන් මගකදී මෙය පසුකර ගොස් ඇත්තෙමි. කුමන හෝ ස්ථානයකින් මුහුණ කට සෝදා ගත් බව මතක ඇත.

    ReplyDelete
    Replies
    1. ගිහිං ඒ සුන්දරත්වය විඳ ගන්න අයියා.ඇත්තටම සුන්දර අත්දැකිමක් වෙයි.

      Delete
  11. අනාගත පරපුරට දකින්න මේවා ආරක්ෂා කිරීම තමයි අද ප්‍රශ්නෙ ... වැටත් නියරත් ගොයම් කනකොට..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත.අපි විසින් රැක ගත යුතු බව අප සිහි තබා ගත යුතුය.

      Delete
  12. අනේ අප්පේ මේක නම් බලන්නම වටිනවා, අපිත් ගිහිල්ලා තියනවා ඔය කියන තැනට, කුඩල්ලෝ කාලා දිය ඇල්ලේ පුට්බෝල් ගහලා, ඇල්ලේ සිතල වතුරෙන් නාලා ලස්සන ෆන් එකක් ගත්තා. අමතක නොවන සිහිවටන ඔතන තියනවා.

    ReplyDelete
    Replies
    1. මගේ අයියේ ඔයා කියලා තියෙන දේට මට උත්තර දෙන්න තිබුනා.මම ඔයාලත් එක්ක එතන නොහිටියා නම්.ඒ අවස්ථාව මතක් වෙන මොහොතක් පසා මගේ පපුව ගැහෙනවා.....

      Delete
  13. මේ වනය තියෙන්නේ අකුරැස්සේ යන පාරේ නේද? මට මතක විදියට මම හරි වෙන්න ඕනේ නමුත් මේකට යන්න අවස්තාවක් ලැබිල නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අකුරැස්ස පාරේ ගිහින් හැරෙන්න ඕන.

      Delete
  14. මේ ලිපිය කියෙව්වම් මට හිතුන දේ තමයි මේ වගෙ ලස්සන දේවල් බලමින් සංචාරකයෙක් විදියට ජීවත් වෙන්න තිබුනානම් කොයි තරම් හොඳද කියල.කලාතුරකින් එහෙම මිනිස්සුත් ඉන්නවා.මම දැක්කා පත්තරේක තමන්ගෙ මුළු දිවියම සංචාරයේ යෙදුන කෙනෙක් ගැන.සමහර විට ලොකු බූදලයක් තිබෙන්න ඇති.ඩිස්කවරි චැනල් එකේ ලෝන්ලි ප්ලැනට් කරපු කෙනාත් ඒ වගේ වාසනාවන්තයෙක්.ඔහුගෙ රැකියාවම විනෝදාංශයත් වෙලා.ඒ වගෙ වාසනාවක් නැති අපි වගෙ අය මේ විදියට දැකල කියවලවත් සතුටු වෙන්න මේ වගෙ පෝස්ට් දාන ඔබට බොහොම පින්

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...